20130831

හැම ඡායාරූපයකම දෙන්නෙක් ඉන්නවා. -Ansel Adams





හැම ඡායාරූපයකම දෙන්නෙක් ඉන්නවා.
ඡායාරූප ශිල්පියා සහ රසිකයා.
-------------------ඇන්සල් ඇඩම්ස්-------------------



ඇන්සල් ඇඩම්ස් ඉපදුනේ 1902 වසරෙ ඇමෙරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයෙ. ඔහු කුඩා කාලයෙ එතරම් නිරෝගී ළමයෙක් නෙමෙයි. නිතරම එයාට ලෙඩ රෝග වැළදුන. ඒ වගේම එයාව සැලකුනෙ අධි ක‍්‍රියාකාරී ළමයෙක් ලෙසටයි. මේ හේතුව නිසා එක පාසලක එයාට වැඩි කාලයක් ඉන්න ලැබුනෙ නැහැ. මේ අතරෙ 1906 සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයෙ විශාල භූමිකම්පාවක් ඇතිවුන. ඇන්සලූත් එයින් තුවාල ලැබුව. මුළු පවුලම විශාල ආර්ථික අර්බුදයකට පත්වුනා. ඇන්සල්ගෙ අම්මට ආතතිය හැදුන. එතැන් සිට ඇන්සල්ගෙ ළමා විය කොහොමටත්ම සුන්දර එකක් වුනේ නැහැ.
ඇන්සල්  කියන්නෙ හසුරවන්නට ඉතාම අපහසු ළමයෙක්. එක් පැත්තකින් එයා හරිම ක‍්‍රියාකාරීයි. ඒත් තවත් පැත්තකින් එයා හරිම හුදකලයි. ඒ වගේම එයා ගොඩක් බුද්ධිමත්. එයා තුළ විශාල ශක්තියක්, ජීවයක් තිබුන. ඒත් මේ ශක්තිය කිසිම අරමුණකින් තොරව පාලනයකින් තොරව එයා තුළ විසිරිලයි තිබුනෙ. දරුණු ආර්ථික ප‍්‍රශ්න තියන මොහොතක මේ වගේ ළමයෙක්ව ඉවසගෙන ඉන්න එක දෙමාපියන්ට හරිම අසීරු වැඩක්. ඒත් ඇන්සල්ගෙ පියා ඇන්සල්ව පාලනය කරනව වෙනුවට ඇන්සල්ගේ මේ ජීවය පෝෂණය කරන්න උත්සාහ කලා.
ඇන්සල්ගෙ පියා නගරයේ හිටපු දක්ෂතම පුද්ගලික ගුරුවරු මාර්ගයෙන් ඇන්සල්ට අධ්‍යාපනය ලබා දුන්න. එයාට ගෙවීමෙ ක‍්‍රමයට ඩොලර් 6000ක පියානෝවක් ගෙනල්ල දුන්න. මුළු ලෝකයම ඇන්සල්ව අත හරින මොහොතක ඇන්සල්ගෙ පියා ඇන්සල්ව සැලකුවෙ තමන්ගෙ මුළු ලෝකයම විදියට. ඇන්සල් තදින් සංගීතයට යොමුවුනා. ඔහු තුල විසිරිල තිබුනු ශක්තිය සංගීතය ඇතුලෙ ක‍්‍රමයෙන් එක අරමුණකට යොමු වුන. මෙතෙක් කැඞී බිදුනු අවුල් සහගත දෙයක් ලෙස පෙනුන ලෝකය විවිධ රිද්මයන්, විවිධ හැඩතලයන්, සියුම් සම්බන්ධයන් සහිත තැනක් ලෙසට ඇන්සල්ට පෙනෙන්නට ගත්ත.

එත් ඇන්සල්ගෙ පීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනෙ තවත් ආකාරයක සංගීතයක් එයාගෙ ජීවිතයට හමු වුනාට පසුවයි. වසර 14 දී අසනීපයෙන් ඉන්න මොහොතක ඇන්සල්ගෙ නැන්ද කෙනෙක් ඇන්සල්ට ලස්සන පොතක් ගෙනල්ල දුන්න. ඒ පොතේ තිබුනෙ සියේරා නෙවාඩා කදුකරයෙ යොසෙමීට් සානුව ගැන. ඒ සානුවෙ ජීවත්වුනු ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිස්සු ගැන. පරිසරයත් එක්ක ඔවුනට තිබුනු අපූර්ව සම්බන්ධය ගැන.
කුඩා ඇන්සල්ගෙ සිතුවිලි ලෝකය යොසෙමීට් සානුවෙ ගූඪ චමත්කාරයෙන් වෙලා ගැනුන. ඇන්සල්ගෙ පියා 1916 වසන්තයේදී ඔහුව සියේරා නෙවාඩා කදුකරයට රැගෙන ගියා. ඒ වගේම එයාට ඒ ගමනෙදි තවත් තෑග්ගක් හමුවුන. ඒ තමයි කොඩැක් බ‍්‍රවුනි කැමරාවක්. අප දන්න ඇන්සල් ඇඩම්ස්ගෙ ජීවිතය පටන් ගැනෙන්නෙ මෙතැන් පසුයි.
ඇන්සල් ඇඩම්ස්ගෙ චමත්කාරජනක ඡායාරූපයන් දකින විට ඒ තුළ අපට මුලික බලපෑම් දෙකක් අදුනගන්න පුළුවන්. එකක් තමයි සංගීතය. “පියානොවේ යතුරු 88 ක් තිබෙනව. සංගීත නිර්මාණයේදී අපි ඒ යතුරු සියල්ල උපයෝගී කරගත යුතුයි. ඒ වගේම තමයි ඡායාරූපකරණයත්. කළු වර්ණය හා සුදු වර්ණය අතර වර්ණ සංයෝගාකාරයන් 88ක් පමණ තියෙනව. ඡායාරූපයක් නිර්මාණය කරත්දී ඒ සියලූ දේ අප භාවිතා කල යුතුයි. ඒවා භාවිතා කරන ආකාරය අප දැන සිටිය යුතුයි” ඇන්සල් සංගීතය හා ඡායාරූපකරණය අතර සම්බන්ධය දකින්නේ ඒ ආකාරයටයි.

රට ගිනි ගන්නා වෙලාවේ ගස් ගල් වල පින්තූර ගන්න ඡායාරූප ශිල්පියෝ.























































 







 

 




 


 

.
---------------------------------------------------------------------------------------------------
ඇන්සල් ඇඩම්ස්ගෙ චමත්කාරජනක ඡායාරූපයන් දකින විට ඒ තුළ අපට මුලික බලපෑම් දෙකක් අදුනගන්න පුළුවන්. එකක් තමයි සංගීතය. “පියානොවේ යතුරු 88 ක් තිබෙනව. සංගීත නිර්මාණයේදී අපි ඒ යතුරු සියල්ල උපයෝගී කරගත යුතුයි. ඒ වගේම තමයි ඡායාරූපකරණයත්. කළු වර්ණය හා සුදු වර්ණය අතර වර්ණ සංයෝගාකාරයන් 88ක් පමණ තියෙනව. ඡායාරූපයක් නිර්මාණය කරත්දී ඒ සියලූ දේ අප භාවිතා කල යුතුයි. ඒවා භාවිතා කරන ආකාරය අප දැන සිටිය යුතුයි” ඇන්සල් සංගීතය හා ඡායාරූපකරණය අතර සම්බන්ධය දකින්නේ ඒ ආකාරයටයි.

 රට ගිනි ගන්නා වෙලාවේ ගස් ගල් වල පින්තූර ගන්න ඡායාරූප ශිල්පියෝ.
---------------------------------------------------------------------------------------------------------

ආලෝකයේ ඇති නැති බව මුලික කරගෙන වස්තුන් අපට පෙනෙන අතර ආලෝකය වැඩි ස්ථාන උච්චාලෝක (Highlight) ස්ථාන ලෙස ද ආලෝකය අඩු ස්ථාන සෙවනැලි (Shadow) ස්ථාන ලෙස ද හදුන්වනු ලැබේ. උච්චාලෝක හා සෙවනැලි ස්ථාන කළු සුදු ඡායාරූපකරණයේදි සමස්ථයක් ලෙස ගත්විට, උච්චාලෝක සුදු වර්ණයෙන් හෝ එහි යම් ප්‍රභේදකින්ද සෙවනැලි කළු වර්ණයෙන් හෝ එහි යම් ප්‍රභේදයකින්ද සටහන් කරගනු ලැබේ. උච්චාලෝක හා සෙවනැලි ස්ථාන වලට අමතරව අනෙක් ස්ථාන අළු වර්ණයේ විවිධ පරාසයන්ගෙන් සටහන් වේ.

ඇන්සල් ඇඩම්ස් නම් වු අති විශිෂ්ට ඡායාරූපශිල්පියා මෙම කළු, සුදු හා අළු පැහැය හා එම පැහැයන්ගේ පරාසයන් වලට බෙදා විග්‍රහා කිරීමට සමත් විය. මෙම කලාප අංක 0 සිට 10 දක්වා අංකනය කර ඇති අතර අංක 0 ඡායාරූපයක දැකිය හැකි (මුද්‍රණ කඩදාසියේ මත දැකිය හැකි) තද කළුම පැහැය වන අතර අංක 10 ඡායාරූපයක දැකිය හැකි ඉතාම සුදු පැහැය / මුද්‍රණ කඩදාසියේ වර්ණය base colour වේ. මෙම ක්‍රමය ඇන්සල් ඇඩම්ස් විසින් කලාප ක්‍රමය (Zone System) ලෙස හදුන්වනු ලැබිය.

සම්පූර්ණ ලිපිය කියවන්න
කලාප ක්‍රමය හා ඩිජිටල් ඡායාරූපකරණය
 -----------------------------------------------------------------------------------------------------


No comments:

Post a Comment